ඩෙංගු තවාන් දැමූ සිරිකොතට රු 8000ක් දඩ
පක්ෂ කාර්යාලේ ඩෙංගු තවාන ගමටම ඩෙංගු බෝ කරලා
එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන කාර්යාලය වන පිටකෝට්ටේ පිහිටි සිරිකොත මන්දිරයට එරෙහිව කෝට්ටේ නගරසභාව ගොනුකර තිබුණු ඩෙංගු නඩුවකදී සිරිකොත වරද කරු වී දඩුවමට ලක් වී ඇත.
පසුගිය ජුනි මාසයේදී මෙම නඩුව පවරා ඇති අතර පෙරොදා(23) ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයේදී නුඩුව කැඳවා ඇත. මේ අවස්ථාවේදී සිරිකොත වරද පිළිගෙන ඇති අතර මහේස්ත්‍රාත්වරයා විසින් රුපියල් 8000ක දඩයක් නියම කර ඇත.
සිරිකොත මන්දිරය පසුපස ඇති වාහන අංගනයේ නොසැලකිලිමත් ලෙස ගාල්කර තිබුණු රේසින් බෝට්ටු දෙකකින් එකක ජලය පිරී ඩෙංගු කීටයන් බෝවී ඇත. මෙම බෝට්ටු දෙක සිරිකොතට යාබද නිවසක පදිංචි ව්‍යාපාරිකයකුට අයත් බව කියවේ.
සිරිකොත සේවය කරන සේවකයින් දෙදෙනකු මෙම ව්‍යාපාරිකයාගෙන් ගතමනාවක් ලබාගෙන මෙලෙස සිරිකොත ඉඩමේ බෝට්ටු ගාල් කිරීමට ඉඩ ලබා දී ඇත. අදාල දඩ මුදල ගෙවීමටද එකී ව්‍යාපාරිකයා මුදල් ලබා දී ඇති අතර පෙරකී සේවකයින් දෙදෙනා ම සිරිකොත වෙනුවෙන් උසාවියට ඉදිරිපත් වී ඇත.
සිරිකොත වර්තමාන පරිපාලකයින්ගේ ඇති අදක්ෂ කළමනාකරණය මේ සියල්ලට වගකිවයුතු බව සිරිකොත ආරංචි මාර්ග කියයි. විශේෂයෙන්ම වර්තමාන එජාප මහලේකම් රංගේ බණ්ඩාර හා සිරිකොත ප්‍රධාන විධායක නිලධාරී ශ්‍යමාල් සෙනෙවිරත්න පරිපාලනය භාර ගත් දා සිට දිනෙන් දින සිරිකොත පරිහානියට ගිය බවත් මේ වන විට ඉතිහාසේ කවදාවත් නොවූ පරිදි එජාපෙ මහ ගෙදර උසාවියෙන් වරද කරු වෙන තැනට පත් වී ඇති බවත් එකී ආරංචි මාර්ග වැඩිදුරටත් පෙන්වා දෙයි.
(Aruna)