Saturday, July 12, 2025
Follow Us
පොහොර ප්‍රශ්නය විසඳෙන්න බලපෑවේ විපක්ෂයේ උදේඝෝෂණ නෙවෙයි අපේ සංවාදයි - විමල්

පොහොර, කෘෂිරසායන ආනයනය සඳහා පනවා තිබුණු තහනම ඉවත් කිරීමට බලපෑවේ කිසිවෙකු විසින් හෝ සිදුකළ උද්ඝෝෂණ නොව ආණ්ඩුව තුළම ඒ සම්බන්ධයෙන් පැවති සාකච්ඡා සහ සංවාද බව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

"ඔය කිසි උද්ඝෝෂණයකට වඩා බලපෑවේ ආණ්ඩුවේ අභ්‍යන්තරයේම මේ පිළිබඳ විශාල සාකච්ඡාවක් කෙරුණා. විශාල සංවාදයක් ඇතිවුණා. මං හිතනවා ඒ සාකච්ඡාවේ සහ සංවාදයේ ප්‍රතිඵලයක් හැටියට තමයි මේක වුණේ. ජනාධිපතිතුමා ඉතාම සද්භාවයෙන් ගත්තු තීරණයක්"

ප්‍රශ්නය - එතකොට ඇමතුමා රජයෙන් දෙන සහනාධාරය ගොවියාට නැත්තට නැතිවුණා ?

"නෑ. කාබනික පොහොරවලට දෙන සහනාධාරය ගොවියාට රජයෙන් දෙනවා"

ප්‍රශ්නය - ඇමතිතුමනි, මේ ගැසට් ගහනවා රිවස් කරනවා කියලා චෝදනාවක් තියෙනවා නේද රජයට ?

"ඔව් ඉතිං වැරදි ගැසට් ගැහුවාම රිවස් කරන්න වෙනවා නේ ?"

අමාත්‍ය විමල් වීරවංශ මහතා මේ බව පැවසුවේ ඊයේ (24) පන්නිපිටිය ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ලබාදෙමිනි.

(LNW)