Wednesday, July 09, 2025
Follow Us
ඇමති සරත් වීරසේකරට එල්ල වූ විරෝධය

සජබ විරෝදතාවට අදහස් දැක්වූ ඇමතිට, අප්‍රසාදය


අද පාර්ලිමේන්තු විවාදය ආරම්භයේදී වැඩි අවධානයක් යොමු වුණේ, සමගි ජන බලවේගය ඊයේ සංවිධාන කර තිබූ උද්ඝෝෂණය පිළිබඳවයි.

සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් සංවිධාන කර තිබූ උද්ඝෝෂණයට පොලිසිය බාධා කළ බව පවසමින් විපක්ෂ මන්ත්‍රීවරු විරෝධතා පුවරු රැගෙන සභා ගැබේ උද්ඝෝෂණයක ද නිරත වුණා.

පනාමුරේ පොලිසිය ඉදිරිපිට දී ප්‍රදේශවාසීන් කලහකාරී ලෙස හැසිරුණු සිද්ධිය සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී අදහස් පළ කළා.

එහි දී විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් ඇමති සරත් වීරසේකරට දැඩි විරෝධයක් එල්ල වූ අතර, ඔවුන් නොයෙක් සටන් පාඨ කියමින් තම අප්‍රසාදය සරත් වීරසේකර කෙරෙහි දැක්වුවා.

(Aruna)