Wednesday, July 09, 2025
Follow Us
රටේ ජනතාව අපිව අමතන්නෙ කුණුහරුපෙන් - දුමින්ද දිසානායක

පොහොර ගැටලුව හේතුවෙන් රටේ ජනතාව දැඩිලෙස අසරණ වී සිටින බව රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසනවා. මේ නිසා ජනතාව ආණ්ඩුව සමග නොසතුටින් සිටින බවත්, ඒ නිසා ආණ්ඩුව වෙනුවෙන් ගොවි ජනතාව භාවිතා කරන වචන එතරම් හොඳ වචන නොවන බවත් රාජ්‍ය ඇමතිවරයා සඳහන් කරනවා.

දුමින්ද දිසානායක මහතා මේ බව සඳහන් කළේ අයවැය දෙවැනි වර කියවීමේ විවාදයට සහභාගිවෙමිනි.

කාබනික පොහොර භාවිතා කිරීම ඉතා හොඳ දෙයක් වුවද එය කඩිනමින් ක්‍රියාවට නැංවිය නොහැකි බව දිසානායක මහතා පෙන්වා දෙනවා. මෙම යෝජනාව වසර ගණනාවක වැඩපිළිවෙලක් ලෙස පියවරයෙන් පියවර ක්‍රියාත්මක කළේ නම්, ගොවි ජනතාව නොසන්සුන්තාවයට පත් නොවන බවත්, ඔවුන් ඒ සඳහා උපරිම සහයෝගය ලබාදෙනු ඇති බවත් ඔහු වැඩිදුරටත් පවසනවා.

මේ වනවිට සැළකිය යුතු ගොවීන් ප්‍රමාණයක් ගොවිතැනින් ඉවත් වී ඇති බවත්, ගොවිතැන් කළ පුද්ගලයන්ද අස්වැන්න සම්බන්ධයෙන් දැඩි අවිස්වාසයකින් පසුවන බවත් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පවසනවා.

(LNW)