Wednesday, July 09, 2025
Follow Us
ආණ්ඩුව වැටුනත් IMF දීගයකට ඉඩ නොදෙන බවට වාසුගෙන් ප්‍රකාශයක්

කොතරම් අපහසු තත්ත්වයක් යටතේ වුවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ලබා ගැනීමට ආණ්ඩුවට ඉඩ නොදෙන බව අමාත්‍ය වාසුදේව නානායක්කාර පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

ඒ, අයවැය දෙවන වර කියවීමේ විවාදයට එක්වෙමින්.

එම විවාදයේ තුන්වන දිනය වු අද විවාදය ආරම්භ කරමින් අදහස් දැක්වු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියේ ආර්ථිකය යථා තත්ත්වයට පත් කර ගැනිම සඳහා අඛණ්ඩව පහසුකම් සැලසීමට ක්‍රියා කරන බවයි.

 

මෙම විවාදයට එක්වු හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේ පවතින ආර්ථික සහ මුල්‍ය ගැටලු සමනය කර ගැනීම සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහය ලබා ගත යුතු බවයි.

 

(NEth)