Saturday, January 10, 2026
Follow Us
සජබ උද්ඝෝෂණ සංවිධායකයින්ට වැඩ වරදී

සජබ විරෝධය ගැන පොලිසිය තීරණයක් ගනී


සමගි ජන බලවේගය විසින් පැවැත් වූ විරෝධතාවය සංවිධානය කළ අයට එරෙහිව අවශ්‍ය කරන නිතීමය ක්‍රීයාමාර්ග ඉදිරියේදී ගන්නා බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පවසයි.

“අද දවස තුළ කොළඹ නගරයේ විරෝධතා රැලියක් පැවැත් වුණා. එම රැලියට සහභාගී වූ පිරිස් නිරෝධායන නීතිරීති කඩකරමින්, පසුගිය දා ගැසට් පත්‍රයක් මගින් සහ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කරනු ලැබූ සෞඛ්‍ය මාර්ග උපදේශ කඩකරමින් කටයුතු කිරීම මත. එම කටයුතු සංවිධානය කරනු ලැබූ අයට විරුද්ධව පොලීසිය විසින් ඉදිරියේදී අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට මේ වන විට කටයුතු කරමින් පවතිනවා.”යනුවෙන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා වැඩිදුරටත් පැවසීය

(Aruna)