Saturday, January 10, 2026
Follow Us
වාරණ නියෝග මැද සමගි ජනබලවේගය අද කොළඹට

සැලසුම් කළ පරිදි සිය උද්ඝෝෂණය අද දිනයේ කොළඹදී පවත්වන බව සමගි ජනබලවේගය පවසනවා. එහි මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර පැවසුවේ සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව උද්ඝෝෂණය සිදුකරන බවයි.

කෙසේවෙතත් අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන පැවසුවේ උද්ඝෝෂණ හරහා රට තුළ යළි කොවිඩ් අවදානමක් මතුවිය හැකි බවයි.

මෙම උද්ඝෝෂණය පැවැත්වීම වළක්වන්නැයි ඉල්ලා පොලීසිය ඊයේ අධිකරණයට ගියද අධිකරණ 6 ක් විසින් එම ඉල්ලීම් ප්‍රතික්‍ෂේප කරනු ලැබූ අතර තවත් අධිකරණ 5 ක් එම ඉල්ලීම් පිළිගනු ලැබුවා.

(Neth)