සමගි ජන බලවේගය විසින් නොවැම්බර් 16 වනදා පැවැත්වීමට නියමිත විරෝධතා ව්‍යාපාරය වැනි අයුතු ජන රාශීන්ට තමන් කිසිසේත්ම ඉඩනොදෙන බව පොලිසිය භාර අමාත්‍ය, අද්මිරාල් සරත් වීරසේකර මහතා අවධාරණය කරයි.
"සමගි ජන බලවේගය හෙට අනිද්දා ලොකු උද්ඝෝෂණයක් කරන්න හදනවා. ඇයි මේ උද්ඝෝෂණය කරන්න හදන්නේ රටක් දියුණු කරන්නද ? රටේ ජනතාවට සෙත සලසන්නද ? නැහැ, රෝගය ව්‍යාප්ත කරලා නැවත වතාවක් මේ රට අගාධයට පත් කරන්න. ඒකට අපි පොලිසිය වශයෙන් ඉඩ දෙන්නේ නැහැ
ඒ වගේ ජන රාශිවලට පොලිසියෙන් ඉඩදෙන්නෙ නෑ කවුරු කටමැත දෙඩෙව්වත්. කවුරු කෙසේ කිව්වත් පොලිසිය භාර ඇමතිවරයා හැටියට මම ඒකට ඉඩදෙන්නෙ නෑ. සෞඛ්‍ය බලධාරීන් තමයි අධිකරණයට කියලා තියෙන්නෙ. අධිකරණය දැන් හෙට (15) වෙනකොට ඒ සම්බන්ධයෙන් දෙන නියෝගය අනුව පොලිසිය කටයුතු කරනවා"
මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය සරත් වීරසේකර මහතා මේ බව පැවසුවේ ඊයේ (14) දිනයේදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.
(LNW)