මෙවර අයවැයෙන් බදු ආදායම වැඩි කර ගන්නා ආකාරය පිළිබද රට හමුවට ඉදිරිපත් කර ඇත්තේ කොටසක් පමණක් බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.
එම පක්‍ෂයේ මධ්‍යම කාරක සභික වසන්ත සමරසිංහ මාධ්‍ය හමුවකදී කියාසිටියේ භාණ්ඩවලට පැනවෙන බදු සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා කිසිදු අනාවරණයක් සිදුකර නොමැති බවයි.
අයවැය යෝජනාවලින් හෙළි නොවූ කරුණු මෙම වසර අවසානය වන විට ජනතාවට දැනෙනු ඇති බවද ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික වසන්ත සමරසිංහ මෙම මාධ්‍ය හමුවේදී කියාසිටියා.
(Neth)