Saturday, January 10, 2026
Follow Us
අයවැයට සහාය දෙනවාද ? - හවුල්කාර පක්ෂවල තීරණය හෙට

ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11 කණ්ඩායම හෙට (15) දිනයේදී යළිත් රැස්වීමට නියමිත බව වාර්තා වේ. පක්ෂ 11 නියෝජිතයන් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාගේ නිවසේදී හමුවීමට නියමිතය.

මෙම හමුවේ මූලික අරමුණ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් 12 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අයවැය වාර්තාව පිළිබඳව සාකච්ඡා කිරීමයි. අයවැය පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමට නියමිත අතර අයවැයට සහාය දෙනවාද නැද්ද යන්න පිළිබඳව තීරණය කිරීමටද නියමිතය.

යුගදනවි ගිවිසුම පිළිබඳව ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කිරීමටද නියමිත බව පක්ෂ නියෝජිතයන් පවසනවා.

(LNW)