Wednesday, July 09, 2025
Follow Us
කෙරවලපිටිය ගිවිසුමට අදාල කරුණු පාර්ලිමේන්තුවට ලබාදීමට එකඟ වෙයි

කෙරවලපිටිය යුදගනවි බලාගාරයේ 40% ක කොටස් ඇමරිකානු සමාගමට පැවරීමට අදාල ලිපි ලේඛන ඉදිරි දිනකදී පාර්ලිමේන්තුවේ සභාගත කරන බව සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කරයි. අද පාර්ලිමේන්තුවේදී එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා යොමුකළ ප්‍රශ්නයකට ප්‍රතිචාර දක්වමින් සභානායකවරයා මේ බව සඳහන් කළේය.

රනිල් වික්‍රමසිංහ මහතා ඉල්ලා සිටියේ යුගදනවි ගිවිසුම සහ ස්කොට්ලන්තයේදී පසුගියදා පැවති දේශගුණ විපර්යාස සමුළුවේදී ජනාධිපතිවරයා එළඹි එකඟතා පිළිබඳව තොරතුරු පාර්ලිමේන්තුවට ලබාදෙන ලෙසයි.

මේ සම්බන්ධයෙන් විවාදමය තත්වයක් ඇති වූ අතර ඊට සම්බන්ධවෙමින් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රකාශ කළේ මෙම ගිවිසුමට අදාල තොරතුරු කැබිනට් මණ්ඩලයට හෝ ලබා දී නොමැති බවට කැබිනට් ඇමතිවරුන්ම ප්‍රසිද්ධියේ චෝදනා කරන බවයි.

(LNW)