Wednesday, July 09, 2025
Follow Us
අයවැය ඉදිරිපත් කරන ලබන 12 වනදා විශේෂ ආරක්‍ෂක වැඩපිළිවෙලක්

ලබන වසර සදහා වන අයවැය ඉදිරිපත් කරන ලබන 12 වනදා විශේෂ ආරක්‍ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බව කතානායක මහින්ද යාපා අබේවර්ධන අද ප්‍රකාශ කළා. අද පෙරවරු 10ට ආරම්භ වූ විශේෂ පාර්ලිමේන්තු සැසිය ආරම්භ කරමින් කථානායකවරයා මේ බව සදහන් කළා.

ලබන 12 වනදා අයවැය ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඉරිදා සහ රජයේ නිවාඩු දින හැර දෙසැම්බර් 10 වන සිකුරාදා දක්වා සෙනසුරාදා ද ඇතුළුව සෑම දිනකම අයවැය විවාදය පැවැත්වෙනවා.

ශ්‍රව්‍යාබාධිත ප්‍රජාව වෙනුවෙන් මෙවර අයවැය විවාදය සංඥා භාෂාවෙන් ද ඉදිරිපත් කිරීමට ද නියමිතයි.

(Neth)