Sunday, January 11, 2026
Follow Us
ජනතාවට අමාරුකම් වැඩිවෙලා තියෙන්නෙ විපක්ෂය නිසා. හොඳට තිබුණු ආර්ථිකය විනාශ කළේ විපක්ෂයයි - බන්ධුල

හොඳට තිබුණු ආර්ථිකය සම්පූර්ණයෙන් විනාශ කළේ විපක්ෂයේ දැන් සිටින අය ආණ්ඩු කළ සමයේ බවත් ජනතාව දැන් විඳින අමාරුකම් මේ තත්වයට උඝ්ර වුණේ ඔවුන් නිසා බවත් වෙළඳ අමාත්‍ය බන්ධුල ගුණවර්ධන මහතා පවසයි.

ප්‍රශ්නය - ජනතාවට පීඩාවට පත්වෙලා තියෙනවා, සතොසට ගිහිල්ලා තවත් භාණ්ඩ මිලදී ගන්න කිව්වාට එව්වා මිලදී ගන්න සල්ලි නැහැ කියලා ...

"ඒ ඒ ඒ .... පීඩාවට පත්වුණත් එක දවසනෙ. සදාකාලිකව පීඩාවට වෙන එකද හොඳ, එක දවසක් ඒ ගැන සමස්ත රටේ අවධානයට ලක්වෙන එකද හොඳ ?"

ප්‍රශ්නය - නමුත් විපක්ෂයෙන් චෝදනා කරන්නෙ කොරෝනා ....

"නෑ ඉතිං විපක්ෂය ඉතිං කරලා ඉවරවෙලා කරපු විනාශයනෙ මේ ප්‍රතිඵලය. නැත්නම් හොඳට තිබුණු ආර්ථිකයක් කෘෂිකර්මාන්තය, කර්මාන්ත, සේවා සියල්ලම කඩාවැටිලා සම්පූර්ණයෙන්ම විනාශ කරලා තිබුණායින් තමයි මේ අමාරුව වැඩිවෙලා තියෙන්නෙ"

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (07) අත්තනගල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

(LNW)