Wednesday, July 09, 2025
Follow Us
තුනෙන් දෙක ගත්තාට මං දැකපු නරකම පාර්ලිමේන්තුව මේ. - දයාසිරි

උගත් බුද්ධිමත් පිරිසක් පාර්ලිමේන්තු යවන බවට ආණ්ඩුව දුන් පොරොන්දුව අනුව ජනතාව තුනෙන් දෙකක බලයක් ලබාදුන් නමුත් මේ වනවිට දක්නට ඇත්තේ තමන් මෙතෙක් දුටු නරකම පාර්ලිමේන්තුව බවත් ආණ්ඩු පක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන් ප්‍රදර්ශනය කරන්නේ ඔවුන්ගේ මුග්ධත්වය බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි.

"ඉතාම උගත් බුද්ධිමත් මිනිස්සු ටිකක් තමයි මේ පාර පාර්ලිමේන්තු යන්නෙ කියලා තුනෙන් දෙකක බලයක් දුන්නා. මමත් අවුරුදු 17ක් දැන් පාර්ලිමේන්තුවේ ඉන්න කෙනෙක්. මං දැකපු නරකම පාර්ලිමේන්තුව මේ පාර්ලිමේන්තුව. කතා කරන්න දන්නෙ නෑ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙ තියෙන උද්දච්චකම, සමහර අයගෙ තියෙන කඩ කැඩිච්ච කතා මේ රටේ කියන, මිනිස්සුන්ට කතා කරන හැටි, මේවායින් තමන්ගෙ තියෙන මරි මෝඩ ගොන්කම තමයි එළියට යන්නෙ.

එනිසා අපට වුවමනායි බලය ගත්තායින් පස්සෙ ඔළුව පාත්කරලා හැම මිනිහෙකුටම දයාවෙන් කරුණාවෙන් කතා කරන්න පුළුවන් ආණ්ඩු පක්ෂෙක මන්ත්‍රීවරුන්. ගිහිල්ලා පාට් දාන්න නෙවෙයි මිනිස්සුන්ට. හැම මිනිහෙකුගේම වටිනාකමක් තේරුම් ගත්ත මන්ත්‍රීවරුන් ටිකක් අපට වුවමනායි මේ රටට. එනිසා අලුත් පරිවර්තනයක් අපට වුවමනා කරලා තියෙනවා කියලායි මං විශ්වාස කරන්නෙ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදියට අපි එයට සූදානම් විය යුතුයි"

රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා මේ බව පැවසුවේ පෙරේදා (06) පස්වරුවේ පැවති හෝමාගම ශ්‍රීලනිප පාක්ෂිකයින්ගේ හමුවක් අමතමිනි.

(LNW)