Wednesday, July 09, 2025
Follow Us
ඡන්ද ලියාපදිංචියට දේපල අයිතිය අවශ්‍ය නෑ

ඡන්දහිමියන්ට කොමිසමෙන් නිවේදනයක්


කුලී හෝ බදු නිවැසියන් මෙන්ම අනවසර පදිංචිකරුවන්ට ද අනෙකුත් සුදුසුකම් සම්පූර්ණ කරන්නේ නම් තමන් සාමාන්‍ය පදිංචි ලිපිනයේ ඡන්දහිමියකු ලෙස ලියාපදිංචි විය හැකි බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

ඒ අනුව දේපළ අයිතිය පිළිබඳව අවධානය යොමු නොකරන බව දැනුම්දෙයි.

මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් පෙන්වා දෙන්නේ එලෙස ඡන්දය ලියාපදිංචිවීම සඳහා දේපළ අයිතිකරුගේ කැමැත්ත හෝ එකඟතාව ද අවශ්‍ය නොවන බවය.

ඡන්දහිමියෙකු ලෙස ලියාපදිංචිවීම සඳහා පුරවැසියන්ට බාධා කිරීම අධිකරණයක් මගින් දඩයකට හෝ බන්ධනාගාරගත කිරීමකට හෝ මේ දෙකටම හෝ යටත්විය යුතු වරදක් බවද එම කොමිසම සඳහන් කරයි.

(Aruna)