Monday, January 12, 2026
Follow Us
පොහොට්ටු මන්ත්‍රීවරුන්, 19 දෙනෙකු ඉල්ලා අස්වීමට සැරසෙයි

අස්වීමට හේතුවත් එළියට


වාරියපොළ ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරුන් 19 දෙනෙකු සිය ධුරවලින් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා.

එහි පොදුජන පෙරමුණ මන්ත්‍රී නයනානන්ද අදාසූරිය කියා සිටියේ, ඉල්ලා අස්වන බවට දැනුම් දෙමින් ලිපියක් අද දිනයේ වයඹ පළාත් ආණ්ඩුකාර රාජා කොල්ලුරේ වෙත භාරදීමට සැලසුම් කර ඇති බවයි.

විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් ප්‍රාදේශිය සභාවේ සභාපති තිලකරත්න බණ්ඩාර දිසානායකට එල්ල කර ඇති අසත්‍ය චෝදනා මත ආණ්ඩුකාරවරයා විසින් ඔහුව සභාපති ධුරයෙන් ඉවත් කිරීමේ සුදානමට විරෝධය පළ කර මෙලෙස සිය ධුරවලින් ඉල්ලා අස්වන බවටයි ඔහු කියා සිටියේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට බලය හිමි වාරියපොළ ප්‍රාදේශීය සභාව ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් 23 දෙනෙකුගෙන් සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් 19 දෙනෙකුගෙන් සමන්විතයි.

කෙසේවෙතත් උපසභාපතිවරයා ඇතුළු ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් සිව් දෙනෙකුද සභාපතිවරයා ඉවත් කිරීමට සහාය පළ කර ඇති බවයි වාර්තා වන්නේ.

(Aruna)