Wednesday, July 09, 2025
Follow Us
චම්පිකගේ රිය අනතුරු නඩුව විභාගයට ගැනීමට දින නියම කෙරේ

2016 වසරේදී රාජගිරිය ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරක් සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික මහතා ඇතුළු තිදෙනෙකුට එරෙහිව ගොනුකර ඇති නඩුව නොවැම්බර් 30 වනදා සිට විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය නියෝග කළේය.

ඒ, එම නඩුව ඊයේ (02) කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදීය.

එසේම නොවැම්බර් 30 වනදා අධිකරණයෙහි පෙනී සිටින ලෙස පැමිණිල්ලේ සාක්ෂිකරුවන් 06 දෙනෙකුට සිතාසි නිකුත් කිරීම ද ඊයේ සිදුකෙරිණි.

පාඨලී චම්පික රණවක, ඔහුගේ රියදුරු ලෙස කටයුතු කළ දිලුම් තුසිත කුමාර සහ වැලිකඩ පොලිසියේ හිටපු ස්ථානාධිපති සුදත් අස්මඬල යන අයට එරෙහිව මෙම නඩුව පවරා තිබේ.

(LNW)