විවිධ දේශපාලන කණ්ඩායම් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට දේශපාලනිකව අභියෝග එල්ල කළත් ඔවුන් සැබැවින්ම අභියෝග එල්ල කරන්නේ රටේ ජනතාවට සහ රටේ අනාගතයට බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ, එහි ජාතික සංවිධායක, මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි.
"අපට මිතුරුකම් කරපු සියලුම දෙනාට ගෞරව කරනවා වගේම අපට ප්‍රතිවාදීව අපේ පක්ෂයට යම් අභියෝගයක් එල්ල කළා නම් ඒ අභියෝග සියල්ලක්ම අපට ශක්තියක් වුණ බව සඳහන් කරන්නේ ඉතාම නිහතමානීව. ගරු අගමැතිතුමනි, නම උක්කුං වුණාට අපේ පක්ෂය කිරි නෙවෙයි අපි බොන්නෙ ප්ලේන් ටී. විවිධ අපට අභියෝග කරන දේශපාලන කණ්ඩායම් ඉන්නවා. ඔවුන් දේශපාලන වශයෙන් අපට අභියෝග කළත් ඔවුන් ඇත්තටම අභියෝග කරන්නේ රටේ අනාගතයට, රටේ ජනතාවට. ඒ අභියෝග වලට අපි මුහුණ දෙමු"
බැසිල් රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ ඊයේ (02) පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පස්වැනි සංවත්සර සමරු උත්සවය අමතමිනි.
(LNW)