Tuesday, July 08, 2025
Follow Us
මේ ආණ්ඩුවට තවත් ජනතාවගෙන් ගන්න තියෙන්නෙ හුස්ම පොද විතරයි - කබීර්ගෙන් බැසිල්ට ප්‍රතිචාර

ඉදිරි අයවැයෙන් ජනතාවට සහන දෙනවා වෙනුවට ජනතාවගෙන් මුදල් අයකර ගැනීමට සිදුවනු ඇති බවට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් ආණ්ඩුව ලැජ්ජා වියයුතු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා පවසයි.

"ආණ්ඩුව මැරෙන ස්වභාවයක ඉන්නෙ. බැසිල් රාජපක්ෂ මහතාට කියවුණෙත් ඒ වගේ දෙයක්. අර මරු කියවනවා වගේ තමයි කියවුණේ. ජනතාවට දෙන්න වඩා ගන්නයි තියෙන්නෙ කියලා එහෙම ඇමතිවරයෙකුට කියන්න පුළුවන්ද ? මිනිස්සු ගැන කැක්කුමක් තියෙනවද ? ගන්න තවත් මොකක්ද තියෙන්නෙ ? ගන්න තියෙන ඔක්කොම අරන් ඉවරයිනෙ මේ ආණ්ඩුව ? රෙදි ටික අරන් තියෙනවා, සරමයි බැනියමයිත් අරන් තියෙනවා, යට ඇඳුමත් අරන් තියෙනවා. දැන් මිනිස්සුගෙන් ගන්න තියෙන්නෙ හුස්ම පොද විතරයි. ලැජ්ජයි මෙහෙම කතා කරන එකට"

කබීර් හෂීම් මහතා මේ බව පැවසුවේ බැසිල් රාජපක්ෂ මහතා පෙරේදා දිනයේදී කළ ප්‍රකාශයකට ඊයේ (02) දිනයේදී මාධ්‍ය ඔස්සේ ප්‍රතිචාර දක්වමිනි.

(LNW)