Tuesday, July 08, 2025
Follow Us
පක්‍ෂයට එල්ල කළ අභියෝග ශක්තියක් වූ බව ඇමති බැසිල් කියයි

සිය පක්‍ෂයට එල්ල කළ අභියෝග ශක්තියක් වූ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, මුදල් අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ පවසනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ 5 වන සංවත්සර උත්සවයට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා.

එම සංවත්සර උත්සවය කොළඹ නොළුම් පොකුණ රඟහලේදී පෙරවරු 10 ට ආරම්භ වුණා.

ක්‍රෝධය සහ වෛරසය නොමැතිව රට වෙනුවෙන් සේවය කිරීමට අධිෂ්ඨාන කර ගන්නා ලෙසටද මෙහිදී අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ ඉල්ලීමක් ද කළා.

රාජ්‍ය නායක සමුළුවකට සහභාගිවීම සදහා විදෙස්ගතව සිටින ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්‍ෂ සංවත්සරයට මෙලෙස සුබපැතුම් එක් කළා.

(Neth)