Monday, January 12, 2026
Follow Us
අර්බුද මැද පොහොට්ටුවේ ජාතික මහා සම්මේලනය අද - හවුල්කාර පක්ෂවලටත් ඇරයුම්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ 05 වන ජාතික මහා සම්මේලනය කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී අද පෙරවරු 10 ට ආරම්භ කෙරෙනවා ඒ, එම පෙරමුණේ නායක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවලට ද මේ සඳහා ඇරයුම් කර ඇති බවයි අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන සඳහන් කළේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික මහා සම්මේලනය මෙවර පැවැත්වෙන්නේ ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ සමඟ මත ගැටුම් පවතින පසුබිමකයි. කෙසේවෙතත් හවුල්කාර පක්ෂ සඳහන් කළේ සිය නියෝජිතයින් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික මහා සම්මේලනයට අද සහභාගි වන බවයි.

ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික මහා සම්මේලනයට එක්වන බවයි එහි වැඩබලන සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ සඳහන් කළේ.

(Neth)