Tuesday, July 08, 2025
Follow Us
නිල නිවසට වායුසමීකරණ 14ක් -ගිය වසරේ 68,000ක චීස් කාලා

තම නිල නිවාසයට වායු සමීකරණ යන්ත්‍ර 14ක් සවි කරගැනීම, නිවසට අවශ්‍ය කිරිපිටි චීස් වියලි ආහාර හා පෞද්ගලික කාර්ය මණ්ඩල වැටුප් ගෙවීමට ජනතා මුදල් වැය කිරීම සම්බන්ධයෙන් කොළඹ නගරාධිපතිනී රෝසි සේනානායකට චෝදනා එල්ල වෙයි.

2020 වසරේදී චීස් සඳහා පමණක් රුපියල් 68,000ක මුදලක්ද කෙටි කෑම සඳහා රුපියල් 250,000ක මුදලක් ද ඇය වියදම් කර තිබෙන බවට චෝදනා එල්ල කර තිබෙනවා.

ඒ කොළඹ මහ නගර සභාවේ නාගරික මන්ත්‍රි මහින්ද කහදගම මහතා විසින් එම වියදම් පිළිබඳ තොරතුරු ලබාගෙන ඒ සම්බන්ධයෙන් අල්ලස් කොමිසමටත්,පොලිසියටත් පැමිණිලි කර තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ඒ බව දැනුම් දී ඇත.

කහඳගම මහතා සඳහන් කරන්නේ කොවිඩ් ව්‍යාප්තිය මැද ජනතාව පීඩාවට පත්ව සිටින අවස්ථාවක මෙසේ ජනතා මුදල් අවභාවිතා කිරීම පිළිබඳ විධිමත් පරීක්ෂණයක් කළ යුතු බවයි.

(Neth Gossip)