ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11 නායකයින් ඉකුත්දා ජනහිතකාමී හෙටක් උදෙසා මහජන මන්ත්‍රණ සභාවක් පිහිටුවමින් ආණ්ඩුව පිළිබඳ සිදුකළ විවේචනයන්වලට ශ්‍රී ලංකා පොදුජන පෙරමුන ප්‍රතිචාර දැක්වූවා.
ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල් වීරවංශ, පිවිතුරු හෙළ උරුමයේ නායක අමාත්‍ය උදය ගම්මන්පිල, වමාංශික පෙරමුණේ නායක අමාත්‍ය වාසුදේව නානායක්කාර ඇතුළු හවුල්කාර පක්ෂ 11 නායකයින් කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ කොටස් ගිවිසුමේ අහිතකර තත්ත්වයන් මෙහිදී රට හමුවේ තැබුවා.
ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ මෙහෙයවන මෙම වැඩපිළිවෙල සඳහා තවත් පාර්ශවයක මැදිහත් වීමක් ඇති බවයි රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ සඳහන් කළේ.
(Neth)