අමාත්‍ය විමල් වීරවංශ, උදය ගම්මන්පිල වැනි පිරිස් ආණ්ඩු පක්ෂ කණ්ඩායම් රැස්වීමේදී එකක් කියා එළියට ගොස් වෙනම එකක් කීම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වශයෙන් තමන්ට ඉවසාගෙන සිටීමට නොහැකි බව වරාය හා නාවික කටයුතු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි.
"අපි කැබිනට් අමාත්‍යවරු හැටියට අපට සාමුහික වගකීමක් තියෙනවා. පක්ෂ රැස්වීමේදී එකක් කතා කරලා එළියට ගිහිල්ලා වෙන එකක් කියනකොට ඒක අපට ඉවසන් ඉන්න බැරිවෙනවා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැටියට. මොකද අපි තමයි ප්‍රධාන මව් පක්ෂය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ.
එතකොට අපේ පක්ෂය එහෙම යටවෙන්න කැමති වෙන්නෙ නෑ. මොකද අපි පැහැදිලිව කියන්න ඕනා බල්ලානෙ නැට්ට වනන්නෙ, බල්ලා තමයි නැට්ට වනන්නෙ. නැට්ටෙන් බල්ලෙක්ව වනලා නෑනෙ කොහෙවත් ? ඒවාට ඔය සද්ද වලට ..... මොකද අපටත් හොඳට ඔය කම්මලේ සද්ද හුරුයි. යකඩ සද්ද හුරුයි, මන්න සද්ද හුරුයි. ගැලපෙන් නැත්නම් මොකද කරන්න ඕනෙ, දික්කසාද වෙන්න ඕනෙ. දික්කසාද වෙන්න පුළුවන්. නෝනා කැමතියි වෙන මහත්තයෙක් බැඳගන්න, මහත්තයා කැමති වෙන නෝනා කෙනෙක් බැඳගන්න පුළුවන්"
රෝහිත අබේගුණවර්ධන මහතා මේ බව පැවසුවේ ඊයේ (30) කළුතර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
(LNW)