Tuesday, July 08, 2025
Follow Us
ජනවරමට පස්ස හරවන එකාගේ පස්ස පැත්තට රිදෙන්න ගහන්න ඕනෑ - විමල් කැබිනට් රහස් හෙළිකරයි

යුගදනවි බලාගාරයේ කොටස් ඇමරිකානු සමාගමකට පැවරීම සිදුවුණේ කැබිනට් මණ්ඩලය තුළ කිසිදු සාකච්ඡාවකින් තොරව බවත් ඊට කැබිනට් ඇනුමැතිය ලැබුණු බවට සඳහන් වූ කැබිනට් තීරණ ලේඛනය හොරට සකස් කළ එකක් බවත් කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

ඇමති කටුවක් වෙනුවෙන් මේ සියල්ල පිළිගෙන ඉවසාගෙන සිටීමට තමන්ට නොහැකි බවයි ඒ මහතා අවධාරණය කළේ.

කෙසේවෙතත් මේ ආණ්ඩුව කඩාවැට්ටවීමට හෝ විපක්ෂයට ජීවය දීමට තමන්ට කිසිසේත්ම වුවමනාවක් නොමැති බව පැවසූ ඒ මහතා යුගදනවි බලාගාරය සම්බන්ධ ඉදිරි ගිවිසුම් දෙක අත්සන් නොකිරීමට කටයුතු කිරීම පමණක් තමන්ගේ අරමුණ බවයි ඒ මහතා සඳහන් කළේ.

අමාත්‍ය විමල් වීරවංශ මහතා මේ බව පැවසුවේ ඊයේ (29) පැවති මහජන මන්ත්‍රණ සභාව නම් රැස්වීම අමතමිනි.

(LNW)