Tuesday, July 08, 2025
Follow Us
අපිම පට්ට පතුරු ගහපු රනිල්ගේ ආණ්ඩුවටත් වඩා අපේ ආණ්ඩුව දූෂිතයි - ගම්මන්පිලම පිළිගනී

මෙතෙක් ශ්‍රී ලංකා ඉතිහාසයේ බිහිවූ දූෂිතම ආණ්ඩුව වත්මන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ආණ්ඩුව බව එම ආණ්ඩුවේම බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සාක්ෂි සහිතව පිළිගනී.

"ඇමරිකාවෙ නිව්ෆෝට්‍රස් එනර්ජි සමාගමත් එක්ක අත්සන් කරපු ගිවිසුමේ විදුලි බලාගාර දෙකද ඇතුළුව සමස්ත එතන ඉදිරිකරන ගෑස් විදුලි බලාගාර පද්ධතියටම සදාකාලිකවම - බෝල්ඩ් කරලා අන්ඩර්ලයින් කරලා ලියාගන්න - සදාකාලිකවම ගෑස් සැපයීමේ අයිතිය ඇමරිකාවේ නිව්ෆෝට්‍රස් එනර්ජි සමාගමට දෙනවා. පාවෙන නැවත් අපි දෙන්නම්, ගෑස් නලයත් අපි හදන්නම්, ඒක හරහා විදුලි බලාගාරවලට ගෑස් දෙන වැඩෙත් අපිම කරන්නම් කියලා මේ අය යෝජනාවක් ගේනවා, කවදාද 2019 නොවැම්බර්. හැබැයි 2021 පෙබරවාරි ඩලස් ඇමතිතුමාත් මමත් සාකච්ඡා කරලා, එක රටකට දුන්නොත් තව රටක් තරහා වෙනවාය කියලා අපි පෙබරවාරි මාසෙ තමයි ටෙන්ඩරේ දාන්නෙ විදුලිබල මණ්ඩලයේ. හැබැයි 2019 නොවැම්බර් ඉඳන් ලංකාවෙ මේ ව්‍යාපෘතිය ඇවිල්ලා කතාකරන නිව්ෆෝට්‍රස් එනර්ජි සමාගම ඊට මාස 15කට පස්සෙ දාන ටෙන්ඩරේට සහභාගී වෙන්නෙ නෑ. ඇයි ? කවුරුහරි කියලා තියෙනවා උඹලා බයවෙන්න එපා. මේකට එන්න ඕනෙනෑ, ටෙන්ඩරේ ගියොත් ලැබෙන්නත් පුළුවන් නොලැබෙන්නත් පුළුවන්. උඹලා පැත්තකට වෙලා හිටපල්ලා, අපි උඹලාට මේ ටෙන්ඩරේ ලබාදෙනවා කියලා කවුරුහරි පොරොන්දු වෙලා තිබෙනවා. මේ ඉටුවෙමින් පවතින්නේ ඒ පොරොන්දුවයි.

ටෙන්ඩරේ ඇගයීමට ලක් කරමින් තිබියදී ටෙන්ඩරේට සහභාගී නොවුණු සමාගමකට ටෙන්ඩර්ගත ව්‍යාපෘතිය ලබාදෙන්නේ ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවටයි. අපි පට්ට පතුරු ගහපු දූෂිතයි කියලා හංවඩු ගහපු ජේ.ආර්. යුගයේ, ප්‍රේමදාස යුගයේ, චන්ද්‍රිකා යුගයේ, රනිල් යුගයේ මෙහෙම දෙයක් වුණේ නැහැයි කියන එක කණගාටුවෙන් වුණත් සඳහන් කරන්න ඕනෙ"

උදය ගම්මන්පිල මහතා මේ බව පැවසුවේ ඊයේ (29) පැවති මහජන මන්ත්‍රණ සභාව නම් රැස්වීමක් අමතමිනි.

(LNW)