යුගදනවි බලාගාරයේ කොටස් ඇමරිකානු සමාගමකට පැවරීම ඇතුළු ගැටළු කිහිපයක් සම්බන්ධයෙන් ආණ්ඩුවේ පක්ෂ නායකයින් සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර සාකච්ඡාවක් ඊයේ (28) රාත්‍රියේ පැවැත්විණි.
යුගදනවි බලාගාරය සම්බන්ධයෙන් තවත් ගිවිසුම් කිහිපයක් ඉදිරියේදී අත්සන් තැබීමට නියමිත හෙයින් ඒවා පිළිබඳ යෝජනා ඉදිරිපත් කරන ලෙස මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා එහිදී පක්ෂ නායකයින්ට පැවසූ බවයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවසුවේ.
"හොඳ සාකච්ඡාවක් සිද්ධ වුණා. අතිගරු ජනාධිපතිතුමාත් බැසිල් රාජපක්ෂ මැතිතුමාත් ගරු අග්‍රාමාත්‍යතුමාත් ඒකට අවශ්‍ය පිළිතුරු දුන්නා. තව සාකච්ඡා කළයුතු කාරණා ගණනාවක් තියෙනවා. ඉතිං අපි බලනවා මේක හොඳ තත්වයකට ගේන්න"
ප්‍රශ්නය - ජනාධිපතිතුමාගේ ස්ථාවරය මොකක්ද මේ යුගදනවි බලාගාරය සම්බන්ධව ?
"අපි ඉතිං සාකච්ඡා කළා. ඒකෙදි විවිධ අදහස් ගණනාවක් තියෙනවා. එතුමාගෙත් අදහස් තියෙනවා, බැසිල් රාජපක්ෂ මැතිතුමාගෙත් අදහස් ගණනාවක් තියෙනවා. කෙසේවෙතත් බැසිල් රාජපක්ෂ මැතිතුමාගේ අදහස වුණේ තවම මේක අවසන් ගිවිසුම නෙවෙයි, තව ගිවිසුම් කිහිපයක් තියෙනවා අත්සන් කරන්න, මූලික ගිවිසුමට අමතරව. අපට ඒ සම්බන්ධයෙන් යෝජනා තියෙනවා නම් එවන්න කියන එක තමයි දැනුම් දුන්නෙ. අපි බලාපොරොත්තු වෙනවා ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී ක්‍රියා කරන්න"
ප්‍රශ්නය - එතකොට ජනාධිපතිතුමාගේ ස්ථාවරය මොකක්ද මේ යුගදනවි බලාගාරයේ ගිවිසුම සම්බන්ධයෙන් ?
"එතුමාගේ අදහස් ගණනාවක් තිබුණා, ඉතිං ඒක මෙතන කියන්න බෑ. යම් සාධනීය සාකච්ඡාවක් සිද්ධ වුණා කියලා විතරයි මට කියන්න තියෙන්නෙ"
(LNW)