අවිධිමත් ලෙස ආරම්භ කළ කාබනික පොහොර ව්‍යාපෘතිය මේ වනවිට රටේ ප්‍රධානතම ප්‍රශ්නයක් බවට පත්ව ඇති බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යපාරයේ සභාපති, හිටපු කතානායක කරු ජයසූරිය මහතා පවසනවා. සිය වගා කටයුතු සඳහා අවශ්‍ය පොහොර නොමැතිවීම හේතුවෙන් ගොවි ජනතාව කුපිත වී ඇති බවත්, ඉදිරියේදී ලේ වැගිරීම් පවා ඇතිවිය හැකි බවත් පෙන්වා දෙන කරු ජයසූරිය මහතා පවසන්නේ එවැනි තත්වයක් ඇතිවීම වළක්වා ගැනීම ආණ්ඩුවේත් ජනාධිපතිවරයාගේත් වගකීම බවයි.
කාබනික පොහොර ව්‍යාපෘතිය වසර කිහිපයකින් සපුරා ගතයුතු ඉලක්කයක් මිස මාස කිහිපයකින් සිදුකළ හැක්කක් නොවන බවත්, එම යථාර්ථය තේරුම් ගැනීමට පාලකයන් අසමත් වී ඇති බවත් ජයසූරිය මහතා සඳහන් කරනවා. මේ සම්බන්ධයෙන් සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය මෙන්ම තවත් ආචාර්ය, මහාචාර්යවරුන්, කෘෂි විද්‍යාඥයන් දිගින් දිගටම පෙන්වා දුන් නමුත් ඒ කිසිවක් පිළි ගැනීමට ආණ්ඩුව සූදානම් නොමැති බවද ඔහු පවසනවා.
කාබනික පොහොර රටතුළ නිෂ්පාදනය කරන බවට උදම් ඇනූ ආණ්ඩුව දැන් ඉන්දියාව, චීනය වැනි රටවලින් කාබනික පොහාර ආනයන කිරීමට කටයුතු කරමින් සිටින නමුත් එසේ ආනයනය කරන පොහොරවල ප්‍රමිතිය පිළිබඳව බරපතල ගැටලු නිර්මාණය වී ඇති බවයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය පෙන්වා දෙන්නේ. මෙම පොහොර තවමත් අත්හදා බලා නොමැති බවත්, පිළිගත් කෘෂිකර්ම විද්වතුන් පවා එම පොහොර අනුමත කර නොමැති බවත් සභාපතිවරයා සඳහන් කරනවා.
අනෙක් පැත්තෙන් මෙම ඉන්දියානු කාබනික පොහොර ආනයනයේදී දැවැන්ත මුල්‍ය වංචාවක් සිදුව ඇති බවට මාධ්‍ය වාර්තා පළ වී තිබෙන බවද කරු ජයසූරිය මහතා පෙන්වා දෙනවා.
(LNW)