Tuesday, July 08, 2025
Follow Us
චම්පිකට එරෙහිව ඇවන්ගාඩ් අල්ලස් කොමිසමට

හිටපු මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය සමගි ජනබලවේයේ පාර්ලිමේන්තු මන්ත්‍රි පාඨලී චම්පික රණවක මහතා යහපාලන ආණ්ඩුව කාලයේ සිදු කළ විශාල පරිමාණයේ දූෂණ වංචා , මුදල් අවභාවිතා කිරීමේ සිද්ධීන් හතරක් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලමින් ඇවන්ගාඩ් රැකියා අහිමි වූවන්ගේ සංගමය ඊයේ (28) අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව හමුවේ පැමිණිලි ගොනු කළේය.

පාඨලි චම්පික රණවක මහාතගේ ඉතා කිට්ටුවෙන් සිටි විද්‍යා අමරපාල මහතාගේ නම 2015 පැනමා පේපර්ස්වල තිබු බවත් නාගරික සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා ලෙස කටයුතු කළ ජගත් මුණසිංහ , වෝටර්ස් එජ් හෝටල්යේ සභාපති ලෙස කටයුතු කළ චමත් සිල්වා යන තිදෙනාගේ වත්කම් පරීක්ෂා කර බලන ලෙසත් ඊට අදාළ විමර්ශණයක් සිදු කරන ලෙසත් ඔවුන් සිය පැමිණිල්ල මගින් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමින් ඉල්ලා සිටී.

මහජන සුබ සිද්ධිය පිණිස මෙම පැමිණීලි ඉදිරිපත් ඛළ යුතු බවට තීරණය කළ බවත් කොළඹ ඩී ආර් විජේවර්ධන මාවතේ මහා පරිමාණ ඉඩමකට අදාළ රුපියල් මිලියන 330ක වංචාවක, නාගරික සංවර්ධන අධීකාරිය යටතේ තිබූ වෝටර්ස් එජ් හෝටලයේ කාමර 48 ක හෝටලයක් නිර්මාණය කරමින් නාස්ති කළ සුවිශාල මුදල් කන්දරාව, එහිම ඕකිඩ් 50 ප්ලස් ව්‍යාපෘතිය, ස්පෝට්ස් බාර් ව්‍යාපෘති හතර සම්බන්ධයෙන් විමර්ශ8න කර ඒ සඳහා යෙදවූ මුදල් නැවත අය කරගනිමින් නීතිමය පියවර ගන්නා ලෙස ඔවුන් මෙම පැමිණිල්ල මගින් ඉල්ලා ඇත.

විගණාකාධිපති දෙපාර්තමේන්තුවෙන් පවා මේ වාර්තා එවමින් ඒ සම්බන්ධයෙන් දැනුම් දී එම මුදල් අය කරගැනීමට උපදෙස් දී තිබියදී එම උපදෙස් හමස් පෙට්ටියට දමා තිබීම හේතුවෙන් මෙම පියවර ගත් බවද මේ පැමිණිල්ල සම්බන්ධයෙන් කොමිසම ඉතාම සාධාරණ අපක්ෂපාති පරීක්ෂණයක් පවත්වා මහජන මුදල් ගසා කෑ අන්දම සම්බන්ධයෙන් විග්‍රහයක් ඉදිරිපත් කර නීතිය ඉදිරියට වංචනිකයන් ඉදිරිපත් කරාවී කියා විශ්වාස කරන බවද එම සංගමය කියා සිටියේය.

එහි කැඳවුම්කරු කමල් ගමගේ මහතා මාධ්‍යට අදහස් ඉදිරිපත් කරමින් මෙසේද කියා සිටියේය.

''අපි පසුගිය කාලය තුළම බලා සිටියා අයුක්තියට අසාධාරණයට දූෂණයට මෙන්ම වංචාවට එරෙහිව පියවර ගනීවි කියලා. මෙම පැමිණිල්ල ගොනු කිරීමට තීරණය කළා. 2015 සිට 2019 තෙක් පැවැති යහපාලන ආණ්ඩුවේ පාලන කාලය තුළ ඇති වූ දූෂණ වංචා සම්බන්ධයෙන් කිසිදු නීතිමය පියවරක් ගෙන නැහැ.

රැකියා අහිමි වූවන්ගේ සංගමයේ 5274 දෙනෙක්ට රැකියා අහිමි වූවා. මේ අසාධාරණය පිළිබඳව අපි නිරන්තරයෙන් කතා කළා. මේ අසාධාරණය සාධාරණයක් කරන්න උත්සාහ දරන මේ අවස්ථාවේදී ඊයේ මේ ස්ථානයට ඇවිත් යම් පිරිසක් පැමිණිලි කරනවා අපි දුටුවා. මේ හැමදේකින්ම මේ අය කළේ මහජනතාවගේ මුදල් විනාශ කිරිමයි. නාගරික සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා ලෙස කටයුතු කළේ ජගත් මුණසිංහ මහතායි. වෝටර්ස් එජ් හෝටල්යේ සභාපති ලෙස කටයුතු කළේ චමත් සිල්වා මහතා. ඒ වගේම පාඨලි චම්පික රණවක මහාතාගේ බෝහොම ලගින් සිටි විද්‍යා අමරපාල මහතාගේ නම 2015 පැනමා පේපර්ස්වල තිබුණා. මේ අය හිටපු ඇමැතිවරයාගේ බොහොම කිට්ටු අය. මේ අයගේ වත්කම් පරීක්ෂා කරන ලෙස අපි ඉල්ලා සිටියා. ගල් අගුරු වලින් මුදල් ගසා කාපු කරන්ට් වයර් වලින් මුදල් අල්ලපු ඒවා වැනි කරුණු බෝහොමයක් ඉතිරිව තිබෙනවා. අද සිදු කළ පැමිණීල්ල සම්බන්ධනේ කොමිසම ඉතාම සාධාරණ අපක්ෂපාති පරීක්ෂණයක් පවත්වා මහජන මුදල් ගසා කෑ අන්දම විග්‍රහයක් ඉදිරිපත් කර නීතිය ඉදිරියට වංචනිකයන් ඉදිරිපත් කරාවී කියා විශ්වාස කරනවා''

(LNW)