Thursday, January 22, 2026
Follow Us
ජේෂ්ඨ මහාචාර්ය උපුල් දිසානායක සජබ සමග එක්වෙයි

ජේෂ්ඨ මහාචාර්ය උපුල් දිසානායක මහතා ඊයේ (27) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමු වූ අතර සමගි ජන බලවේගයේ ඉදිරි කටයුතුවලට බුද්ධිමය දායකත්වය ලබාදෙන බවට ඒ මහතා විපක්ෂ නායක තුමා සමග පැවසීය.

ජ්‍යෙෂ්ඨ මහාචාර්ය උපුල් දිසානායක මහතා කීර්තිමත් විද්වතෙකි. විශිෂ්ට මානව සම්පත් කළමනාකරුවෙකි. පේරාදෙණිය දන්ත වෛද්‍ය පීඨයේ පීඨාධිපති ලෙස දෙවරක් කටයුතු කොට අනතුරුව දෙවරක්ම පේරාදෙණිය සරවියේ උපකුලපතිවරයෙක් වූ එතුමා කීර්තිමත් මහාචාර්යවරයෙකි.

සමගි ජන බලවේගයේ තරුණ වැඩපිළිවෙළ පෙරට ගෙනයාමේ කටයුත්ත සදහා එහි සභාපති මයන්ත දිසානායක මහතා සමග එක්ව ප්‍රතිපත්තිමය වැඩපිළිවෙළ සැකසීම, එය සමාජගත කිරීමට බුද්ධිමය දායකත්වය සැපයීම එතුමන්ට පැවරී ඇති අතර, ඊට අමතරව සමගි ජනබලවේගයේ මූලික ප්‍රතිපත්ති සහ පක්ෂ මතවාදය ජනගත කිරීමෙහි වගකීමක්ද එතුමන්ට භාර දී තිබේ.

(LNW)