Thursday, January 22, 2026
Follow Us
උතුරේ හිටපු ආණ්ඩුකාරවරිය මැතිවරණ කොමිසමට

නව සාමාජිකයින් පත්කිරීමට පාර්ලිමේන්තු සභාවේ අනුමැතිය


කොමිෂන් සභා දෙකක පුරප්පාඩු වූ සාමාජිකයින් සඳහා නව සාමාජිකයින් පත්කිරීමට පාර්ලිමේන්තු සභාවේ අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව රාජ්‍ය සේවා කොමිෂන් සභාවට සහ මැතිවරණ කොමිෂන් සභාවට නව සාමාජිකයින් පත්කිරීම සඳහා අනුමැතිය හිමිව ඇති බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

රාජ්‍ය සේවා කොමිෂන් සභාවට සුන්දරම් අරුමේනායගම් මහතාගේ නමත්, මැතිවරණ කොමිෂන් සභාවට උතුරු පළාතේ හිටපු ආණ්ඩුකාරවරිය වූ පී.එස්.එම්. චාල්ස් මහත්මියගේ නමත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නම් කර තිබුණි.

(Aruna)