යුගදනවි ගිවිසුමට එරෙහිව ආණ්ඩුවේ කුඩා පක්ෂ 11ක් රැස්වී සිදු කරන්නේ ද ආණ්ඩුව රැකගැනීමක් බවත් එයින් සිදු කෙරෙන්නේ ජනතාව ආණ්ඩුවෙන් දුරස්වීම නතර කරගැනීමක් බවත් අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.
"මෙතනදී එක්සත් ජාතික පක්ෂය කරනකොට වැරදි වෙන්නත් අපි කරනකොට ඒක හරි වෙන්නත් බෑ. යමක් හරි නම් කවුරු කළත් ඒක හරි. යමක් වැරදි නම් කවුරු කළත් ඒක වැරදියි. කරන පුද්ගලයා අදාළම නැත"
ප්‍රශ්නය - ඔබතුමන්ලා බලයට ගෙනාපු කණ්ඩායමට එරෙහිව තමයි මේ ...
"අදාළම නැතනෙ. අපෙ අම්මා තාත්තා වැරදි දෙයක් කළත් වැරදි නම් ඒක වැරදියි. මේ අපේ කට්ටිය, අපි හදපු ආණ්ඩුව එහෙම කියලා හැඟීම්බර වුණොත් මොන වැරද්ද කළත් ඉවසන්න වෙනවා. අපි මේ කරන්නෙ ආණ්ඩුව රැකගැනීමක්. ආණ්ඩුවෙන් ජනතාව දුරස් වීම නතර කරගැනීමක්"
ප්‍රශ්නය - එතකොට 29 ඔබතුමන්ලා ජාතික සභාව කියලා රැස්වීමක් තියනවා කියනවා. ඒක සිදුවෙනවාද ?
"අනිවාර්යයෙන්ම ඔව්"
ප්‍රශ්නය - මොකක්ද ඒ ?
"ලිහන්න තිබෙන මල්ල ඔබා බලනු කුමටැයි"
අමාත්‍ය උදය ගම්මන්පිල මහතා මේ බව පැවසුවේ යුගදනවි ගිවිසුම සම්බන්ධයෙන් ආණ්ඩුවේ කුඩා පක්ෂ 11ක් වෘත්තීය සමිති සමග ඊයේ (26) පැවැත්වූ සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
(LNW)