Thursday, January 22, 2026
Follow Us
රන්ජන් උසස් අධ්‍යාපනය හැදෑරීමේ අපේක්ෂාවෙන්

සිරදඬුවම් නියම වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක උසස් අධ්‍යාපනය හැදෑරීමේ අපේක්ෂාවෙන් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

මේවනවිට අගුණුකොලපැලැස්ස බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක වැලිකඩ බන්ධනාගාරයට මාරුකරන ලෙස අදාළ අංශවලින් ඉල්ලා සිටින බවයි විපක්ෂ නායකවරයා කියා සිටියේ.

අගුණුකොලපැලැස්ස බන්ධනාගාරයට පැමිණ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකගේ සුවදුක් විමසා බැලීමෙන් පසු අද මාධ්‍ය වෙත අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියා.

(Neth)