ආණ්ඩුව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ කණ්ඩායම් රැස්වීමක් අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති මන්දිරයේදී පැවැත්වීමට නියමිත වේ. මෙම රැස්වීමේදී කෙරවලපිටිය බලාගාරය පිළිබඳව අත්සන් කර ඇති ගිවිසුම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගෙන් සෘජුව ප්‍රශ්න කිරීමට ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11 කණ්ඩායම සූදානමින් සිටී.
මෙම කණ්ඩායම කෙරවලපිටිය ගිවිසුම පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා අවස්ථාවක් ලබා දෙන්නැයි ජනාධිපතිවරයාගෙන් ලිඛිතවම ඉල්ලා තිබිණි. එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ ජනාධිපතිවරයා ඔවුන්ට දැනුම් දී තිබුණේ ගිවිසුම සම්බන්ධයෙන් අගමැතිවරයා සහ මුදල් ඇමතිවරයා සමග සාකච්ඡා කරන ලෙසයි.
මෙම තත්වය මත හවුල්කාර පක්ෂ 11 කණ්ඩායම දැඩි කළකිරීමෙන් සිටින බවයි වාර්තා වන්නේ.
ඊයේ රාත්‍රී එම කණ්ඩායම පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් මහතාගේ නිවසට රැස්වී සාකච්ඡා කර තිබෙනවා. එහිදී තීරණය කර තිබෙන්නේ අද රැස්වීමේදී දිගින් දිගටම ජනාධිපතිවරයා ප්‍රශ්න කළයුතු බවයි.
මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමෙන් පසුව ජනාධිපතිවරයා ලබාදෙන රාත්‍රී භෝජන සංග්‍රහය වර්ජනය කළයුතු බවටද හවුල්කාර පක්ෂ නායකයන් යෝජනා කර තිබෙන බවයි වාර්තා වන්නේ.
(LNW)