කාබනික පොහොර වැඩසටහන මෙසේ කඩිමුඩියේ ක්‍රියාත්මක කළ හැක්කක් නොවේ යැයි තමන් මුලදීම ආණ්ඩුවේ ප්‍රධානීන්ට පෞද්ගලිකවම ප්‍රකාශ කළත් ඔවුන් එය කිසිදු ආකාරයකින් සැලකිල්ලට නොගත් බවත් වත්මන් අර්බුදකාරී තත්වය උද්ගත වුණේ ඒ නිසා බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
"ඒ මුල් අවස්ථාවේදීම මම පෞද්ගලිකවම රජයේ වගකිවයුතු සෑම කෙනෙකුටම ප්‍රකාශ කළා මේ වගේ හදිසියේ මේක කරන්න පුළුවන් කාර්යයක් නොවෙයි, යම් සැලැස්මක් තුළ යායුතුයි කියලා. මමත් කාබනික පොහොර කරලා තියෙනවා ඇමතිවරයෙක් විදියටත් ජනාධිපති විදියටත්. අපි ඒවා ආදර්ශ වැඩසටහන්, නියමු ව්‍යාපෘති විදියට කළේ. ඒ නිසා අවුරුදු 10ක්වත් අඩු වශයෙන් 5කින්වත් කළයුතු කාර්යයක් පියවරෙන් පියවර කියන එක කිව්වා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රජයට මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළා නායකයින්ට පක්ෂය විදියට මේ පොහොර ප්‍රශ්නයේ තිබෙන අර්බුදය සහ සංකීර්ණ තත්වය ගැන. ඉතිං අපි අපේ වගකීම ඒ විදියට ඉෂ්ඨ කරලා තිබෙනවා. නමුත් අපි ඒ කියපු, අපි ඉදිරිපත් කරපු යෝජනා සහ අදහස් සැලකිල්ලට ගැණුනෙ නැහැ. ඉතිං ඒ උඩ තමා අද මේ තත්වය ඇතිවෙලා තිබෙන්නෙ.
මේ ප්‍රශ්නය කොහොමහරි දැන් විසඳන්න රජය ගන්න උත්සාහය තුළ යම්කිසි සහනයක් මොන පැත්තෙන් හෝ ගොවි ජනතාවට ලැබෙනවා නම් ඒක තමා අවශ්‍ය වෙන්නෙ"
හිටපු ජනාධිපතිවරයා මේ බව පැවසුවේ පෙරේදා (22) ත්‍රිකුණාමලයේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
(LNW)