Friday, March 29, 2024
Follow Us
පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාගේ නඩුවට එක්සත් ජාතීන්ගේ අන්තර් පාර්ලිමේන්තු මන්ත්‍රී සංගමය (IPU) මැදිහත් වෙයි

පසුගිය 18 වන දින එක්සත් ජාතීන්ගේ අන්තර් පාර්ලිමේන්තු මන්ත්‍රී සංගමය විසින් නිල Tweet පණිවිඩයක් මගින් මෙසේ සඳහන් කර තිබුණි.



" ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන සිටි ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාට ඇප මත නිදහස ලැබීම සම්බන්ධව එක්සත් ජාතීන්ගේ අන්තර් පාර්ලිමේන්තු සංගමය සතුටට පත් වෙමු. තවද එම නඩු විභාගය පිළිබඳව ඉදිරියේදී ද අප ඉතා සමීපව නිරීක්ෂණය කරමු."

1979 අංක 48 දරණ ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනත යටතේ 2021 අප්‍රේල් 24 වැනි දින පාර්ලිමේන්තු මන්ත්‍රී සහ සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක රිෂාඩ් බදියුදීන් මහතාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබීය. ඔහුව දින 177 ක් රඳවාගෙන සිටීමෙන් පසුව අවසානයේ පසුගිය ඔක්තෝබර් 14 දා ඇප මත නිදහස් කෙරිණි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වීම හේතුවෙන් රිෂාඩ් බදියුදීන් මහතා පිළිබඳ සිද්ධිය IPU හි අවධානයට යොමු වී තිබුණි. IPU යනු ලොව පුරා පිහිටි ජාතික පාර්ලිමේන්තු 179 කින් සහ ප්‍රාදේශීය පාර්ලිමේන්තු සමුළු 13 කින් සමන්විත ජාත්‍යන්තර සංවිධානයකි.

1889 දී ස්ථාපිත කරන ලද IPU හි මූලික අරමුණ වී ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය සහ වගවීම ප්‍රවර්‍ධනය කිරීම ය. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය තුළ එයට ස්ථිර නිරීක්‍ෂක තනතුරක් ද ඇත. එක්සත් ජාතීන්ගේ කටයුතු වලදී IPU හට සැලකිය යුතු බලපෑමක් ඇති කළ හැකි හැකියාවක් ඇති අතර මහා මණ්ඩලයේ යෝජනා ගණනාවකට ද දායක වී තිබේ.

IPU හි පරීක්ෂණ තවමත් ක්‍රියාත්මක වන අතර ඒවා ප්‍රසිද්ධ කර නොමැත. බොහෝ විට නොවැම්බර් මාසයේදී ස්පාඤ්ඤයේ මැඩ්රිඩ්හිදී පැවැත්වීමට නියමිත සැසිවාරයේදී රිෂාඩ් බදියුදීන් මහතාව අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගැනීමේ නඩුව අයිපීයූ විසින් ගනු ඇත.

(LNW)