Monday, July 07, 2025
Follow Us
ගොවි උද්ඝෝෂණ ගැන මහින්දානන්දගේ චෝදනාවට ශ්‍රීලනිප මහලේකම් දයාසිරිගෙන් පිළිතුරු

මේ දිනවල පැවැත්වෙන ගොවි උද්ඝෝෂණ යනු ආණ්ඩු විරෝධී ක්‍රියාදාමයක් බවත් එය ආරම්භ කළේ ජනතා විමුක්ති පෙරමුණ විසින් වන අතර මේ වනවිට ඊට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එකතු වී ඇති බවත් පසුගියදා කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ප්‍රකාශ කර තිබිණි.

මෙම චෝදනාවට ශ්‍රීලනිප මහලේකම් දයාසිරි ජයසේකර මහතා ඊයේ (18) ප්‍රතිචාර දැක්වූයේ මෙලෙසිනි.

"නෑ ඉතිං මේ රටේ මොකාක් හරි ප්‍රශ්නයක් මතු කළොත් අල්ලා ගන්නෙ ජනතා විමුක්ති පෙරමුණ. එතකොට ඔවුන් මතු කරන කාරණය අසාධාරණද ? අපට අහන්න තියෙන්නෙ ඒකයි. එතකොට දැන් හැමදෙයක් ගැනම සාමාන්‍යයෙන් කතා කරන මිනිහාව කොන් කරලා, ඒ අය තමයි මේක පිටිපස්සෙ ඉන්නෙ කියලා ඔය ගහන දේශපාලන මඩ ප්‍රහාරය වැරදියි කියලායි මම නම් විශ්වාස කරන්නෙ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදියට අපි අතිගරු ජනාධිපතිතුමාත් එක්ක - එතුමා පැයක් අපට දීලා තිබුණා, නමුත් පැය දෙකහමාරක් එතුමා අපිත් එක්ක කතා කළා. එතුමාට අපි පැහැදිලි කරලා දුන්නා පොහොර හිඟය පිළිබඳ ප්‍රශ්නය ඇතුළු සියලු කාරණා අපි එතුමාත් එක්ක කතා කළා. ඉතිං අපට කිසිම වෙලාවක වුවමනාවක් නෑ කකුලෙන් අදින්න. කකුලෙන් අදින්න වුවමනාව තියෙන අයට කකුලෙන් අදින්න පුළුවන්, නමුත් අපි හදන්නෙ අපි හදාගත්තු නිවැරදි මාර්ගයකට ගෙනියන්න පුළුවන් සාධාරණ විවේචනයක් අපි මේ කරන්නෙ. මේක අභ්‍යන්තරවත් එතනින් බැරි නම් බාහිරවත් කරන්න අපට අයිතියක් තියෙනවා. මොකද හේතුව මේ අපි හදාගත්තු ආණ්ඩුව නැවත නිවැරදි මාර්ගයට ගේන්න අවශ්‍ය කරන ශක්තියයි අපි ලබලා දෙන්නෙ. එනිසා මෙම කිසිවිටෙක ආණ්ඩු පෙරළීමට හෝ ආණ්ඩුව විනාශ කිරීමට කරන ක්‍රියාදාමයක් නෙවෙයි"

(LNW)