Sunday, May 19, 2024
Follow Us
ඒලියන්ත වයිට්ගේ දුවගේ සහ පුතාගේ ආරක්ෂාවට පොලිසියේ 21 දෙනෙක් අනුයුක්ත කරලා ! - පාදුක්ක

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පෞද්ගලික වෛද්‍යවරයා බව කියූ ඒලියන්ත වයිට්ගේ දුවගේ සහ පුතාගේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 21 දෙනෙකු මේ වනවිටත් අනුයුක්ත කර ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් පාදුක්ක මහතා පවසයි.

"අපි දැක්කා හිටපු ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මැතිතුමාගේ පෞද්ගලික වෛද්‍යවරයා කොරෝනා වලින් මියයනවා ඔහුට අවශ්‍ය එන්නත් පවා නොලැබීම හේතුකොටගෙන. ඊට පස්සෙ අපි දැක්කා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ පෞද්ගලික වෛද්‍යවරයා කියාගත්ත ඒලියන්ත වයිට්, ඔහුත් කොරෝනා රෝගය වැළඳිලා මියගියා.

දැන් තියෙන ප්‍රශ්නේ, ඒලියන්ත වයිට් මියගියා, ඒලියන්ත වයිට්ගේ පුතාට සහ දුවට ශ්‍රී ලංකා පොලිසියේ පොලිස් කාන්තාවන් 4 දෙනෙක් සමග පොලිස් නිලධාරීන් 21 දෙනෙක් මිරිහාන නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය හරහා නිදහස් කරලා තියෙනවා, ඔවුන් දෙපළගේ ආරක්ෂාවට. ඔවුන් දෙපළ කරන්නෙ මොකක්ද, මේ අර ගල්කිස්ස පැත්තෙ බීච් රෝඩ් එකේ තියෙන චීන කටු ආයතනයක උපාධි දෙකක් අරගෙන තාත්තා රෑට හීනෙන් බෙහෙත් කියනවා කියලා දැන් බෙහෙත් දෙන්න පටන් අරන්.

දැන් පොලිසියෙ 21ක් අනුයුක්ත කරලා තියෙනවා, මං ගාව ලැයිස්තුවත් තියෙනවා, දිග ලැයිස්තුවක්. ඒලියන්ත වයිට්ගේ දුවට සහ පුතාට ආරක්ෂාවට. මොකක්ද මේ ? කෝ මහ ලොකු පොලිසිය බාර ඇමති සරත් වීරසේකර ? කතාව දෝලාවෙන්, කෝ වැඩ ??"

නිරෝෂන් පාදුක්ක මහතා මේ බව පැවසුවේ ඊයේ (18) විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

(LNW)