Monday, July 07, 2025
Follow Us
මන්ත්‍රී ධූරය භාර ගැනීම සම්බන්ධයෙන් ඥානසාර හිමියන් කතා කරයි

අපේ ජනබල පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය ඉදිරියේදී භාර ගැනීම සම්බන්ධයෙන් යමක් ප්‍රකාශ කිරීමට තවමත් කල් වැඩි බව පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පවසනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී පූුජ්‍ය අතුරලියේ රතන හිමියන්, අපේ ජනබල පක්ෂයෙන් ඉවත් කිරීමත් සමග මතුව ඇති තත්ත්වය සම්බන්ධයෙන් නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් මේ බව කියා සිටියා.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන් වෙනුවට ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්, අපේ ජනබල පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට නම් කිරීමට සූදානමක් ඇති බවයි එම පක්ෂයේ උසස් නිලධාරියෙකු නෙත් නිවුස් වෙත කියා සිටියේ.

(Neth)