පවතින තත්ත්වය හමුවේ කෘෂිකර්ම හා වෙළද අමාත්‍යවරුන්ට එරෙහිව පාර්ලිමේන්තුව හමුවේ විශ්වාසභංග යෝජනාවක් ගෙන එන්නැයි සමගි ජන බලවේගය ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලීමක් කරනවා. එම විශ්වාසභංගය සදහා සිය පක්‍ෂයේද සහාය ලබාදෙන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන පැවසුවේ.
භාණ්ඩ මිල ඉහළ යාම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද මාධ්‍ය හමුවේ අදහස් පළ කළා.
ආර්ථික අර්බුද හමුවේ ජනතාව මුහුණදී ඇති පීඩාකාරී තත්ත්වය අවම කිරීම සදහා ඊට අදාළ අමාත්‍යවරුන් කටයුතු කළ යුතු බවයි රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පැවසුවේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුටිටිආරච්චි පැවසුවේ පොහොර ගැටළුව මුල් කර ගනිමින් ඇතමුන් සිය දේශපාලන උවමනාවන් ඉටු කිරීමට උත්සාහ දරණ බවයි.
(Neth)