ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11 ක නායකයන් ලබන 23වනදා යළි රැස්වීමට සුදානම් වනවා.
ඒ, යුගදනවි බලාගාරයේ සියයට 40 ක කොටස් ඇමරිකානු සමාගමකට ලබාදීම සම්බන්ධයෙන් ගත හැකි ඉදිරි පියවර පිළිබඳ සාකච්ඡා කිරීම සඳහායි.
එම ගිවිසුම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලබාදෙන ලෙස දන්වමින් ආණ්ඩුවේ හවුල්කාර පක්‍ෂ නායකයින් ඉකුත්දා ජනාධිපතිවරයාට ලිපියක් ද යොමු කර තිබුණා. ගිවිසුම පිළිබඳව අග්‍රාමාත්‍යවරයා හා මුදල් අමාත්‍යවරයා සමග සාකච්ඡා කරන ලෙසට ජනාධිපතිවරයා සිය ලිපියට ප්‍රතිචාර දක්වමින් සදහන් කර ඇති බවයි එම පක්‍ෂ 11 හි නායකයින් පැවසුවේ.
ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමටයි ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11 ක නායකයන් ලබන 23වනදා රැස්වීමට තීරණය කර ඇත්තේ.
(Neth)