Monday, July 07, 2025
Follow Us
ඩොලර් හිඟයක් තියෙනවා තමයි. ඒක මුළු ලෝකයේම බලපාන ප්‍රශ්නයක් - ඇමති රෝහිත

රටේ ඩොලර් හිඟයක් පවතින අතර එය අපට පමණක් නොව මුළු ලෝකයේම බලපා ඇති ප්‍රශ්නයක් බව වරාය හා නාවික කටයුතු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි.

"මෙරටට ආනයනය කරලා වරායේ රඳවාගෙන තිබෙන රේගුව සම්බන්ධයෙන් නවත්තලා තියෙනවා ඒ අත්‍යාවශ්‍ය භාණ්ඩ ඉතා ඉක්මනින් නිදහස් කරන්න කියලා ගරු අග්‍රාමාත්‍යතුමා උපදෙස් ලබාදුන්නා. ඒ අනුව විශේෂයෙන්ම ශ්‍රී ලංකා රේගුවත් ඒ අදාළ අනෙකුත් ආයතනත් කටයුතු කරනවා. අපට අවශ්‍ය කරන්නෙ මේ රටේ මිනිස්සුන්ට ඉතාම අත්‍යවශ්‍ය භාණ්ඩ නියමිත වෙලාවට අඩු මිලකට ලබාදෙන්න පුළුවන් අවශ්‍යතාවය ඉටුකරන්න.

ඩොලර් හිඟයක් තියෙනවා. මුළු ලෝකයේම බලපාන ප්‍රශ්නයක්. අපට මේ හැම භාණ්ඩයක්ම ආනයනය කරන්න ඩොලර් යවන්න ඕනෙ. සංචාරක ව්‍යාපාරයෙන් ඩොලර් බිලියන් 05ක් හම්බකරන අපි එක ඩොලර් එකක් හම්බකරගන්න බැරුව ඉන්නෙ"

රෝහිත අබේගුණවර්ධන මහතා මේ බව පැවසුවේ ඊයේ (25) දිනයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

(LNW)