Monday, July 07, 2025
Follow Us
එක්සත් ජාතික පක්ෂ ප්‍රතිසංවිධානය සාගල අතට. සාගල මාතරින් කොළඹට

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධාන වැඩසටහනේ සම්පූර්ණ වගකීම පක්ෂ උප සභාපති සාගල රත්නායක මහතා යටතට පැවරීමට නියමිත බව වාර්තා වේ.

පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා අතින් මෙම ප්‍රතිසංවිධාන වගකීම් නිසි ලෙස ඉටු නොවන නිසා පක්ෂ නායකත්වය මෙම තීරණයට එළඹ ඇති බව සඳහන්.

ඒ අනුව එම ප්‍රතිසංවිධාන කටයුතුවලටම සමගාමීව සාගල රත්නායක මහතා මීළඟ මහමැතිවරණය සඳහා කොළඹ දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත් වීමට ද නියමිත බවයි ආරංචිමාර්ග පැවසුවේ.

සාගල රත්නායක මහත මෙතෙක් මැතිවරණ සඳහා තරග වැදුණේ මාතර දිස්ත්‍රික්කයෙන් වන අතර මාතර එජාප දිස්ත්‍රික් නායකයා වශයෙන් කටයුතු කළේ ද ඒ මහතාය.

(LNW)