Monday, July 07, 2025
Follow Us
පාඨලී නිසා කතෝලික සභාව තුනට හතරට කැඩෙයිද?

පාස්කු ප්‍රහාරයට යුක්තිය ඉටු කිරීම පසෙකලා දැන් ආණ්ඩුව උත්සහ දරන්නේ පාඨලී චම්පික මන්ත්‍රීවරයා යොදාගෙන කතෝලික සභාව විරසක කිරීමට බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා පැවසුවේය.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ අද (22) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදීය.

මේ ආණ්ඩුව බලයට පැමිණියේ ජාතිවාදය සහ ආගම්වාදය සමස්ත රටටම පාවා දී බව මන්ත්‍රීවරයා සඳහන් කරන ලදී.

''ආගම ගැන කියද්දී අපේ ජනතාව හරි සංවේදියි. මේ ජනතාවට තේරුණේ නැහැ අතීතයේදී මේ ගැස්සීම සිද්ධ කරන්නේ රටේ පාලකයෝ තමුන්ට බලය ගන්න මිසක් රටේ ජනතාවට ආදරයට නෙවෙයි කියන එක. ජාතිවාදය, ආගම්වාදය පාවාදීලා,පාස්කු ප්‍රහාරය විකුණලා බලයට ආපු මේ ආණ්ඩුව දැන් උත්සහ කරනවා පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු හොයපන්, ප්‍රහාරයට සාධාරණය ඉෂ්ට කරපන් කියල කතෝලික සභාව එළියට ඇවිල්ලා කියද්දී ඔවුන්ව තුනට හතරට කඩන්න. බෞද්ධ භික්ෂුන් වහන්සේලාවත් හතරට පහට කඩන්න පසුගිය කාලයේ ලොකු උත්සහයක් දරුවා.'' යනුවෙන් මන්ත්‍රීවරයා තවදුරටත් කියාසිටියේය.

(LNW)