මහ බැංකු අධිපතිවරුන්ට විශ්‍රාම වැටුප් ලබා දෙනවාද නැද්ද යන්න පිළිබඳව මුදල් ඇමතිවරයා නිශ්චිතව පාර්ලිමේන්තුවට ප්‍රකාශ කළයුතු බව එජාප නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. පාර්ලිමේන්තුවේදී ඔහු මේ බව සඳහන් කළේය.
මෙම ප්‍රකාශය සිදු කරන විට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට පැමිණ නොසිටි අතර ඒ සම්බන්ධයෙන්ද රනිල් වික්‍රමසිංහ මහතා විමසා සිටියේය. මහ බැංකු අධිපතිවරුන්ට විශ්‍රාම වැටුප් ලබා දෙන්නේද යන්න පිළිබඳව පාර්ලිමේන්තුව දැනුවත් කළ යුත්තේ විෂයභාර අමාත්‍යවරයා වන මුදල් ඇමතිවරයා බවත් කෙසේ නමුත් මුදල් අමැතිවරයා සභාගර්භයේ නොමැති බවත් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.
(LNW)