Sunday, July 06, 2025
Follow Us
විෂ මත්පැන් නිෂ්පාදනය අවම කරන්න තමයි බාර් ඇරියෙ - එස්බී

පසුගිය කාලයේදී සුරාසැල් වසා තැබීම නිසා ග්‍රාමීය මට්ටමින් විෂ මත්පැන් නිෂ්පාදනය ඉහළ ගොස් ඇති බවත්, විෂ මත්පැන් උවදුරින් ජනතාව බේරා ගැනීම සඳහා සුරාසැල් විවෘත කළ බවත් පොදුජන‍ පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා පවසනවා. සුරාසැල් වසාදමා තිබෙන විට ජනතා විවිධ ආකාරයෙන් නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනය සඳහා යොමුවන බවයි මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ.

පවතින වසංගත තත්වය හේතුවෙන් නීතිවිරෝධී මත්පැන් වැටලීම් සිදු කිරීමද අසීරු වී ඇති බව දිසානායක මහතා පවසනවා. ඒ නිසා සුරාසැල් විවෘත කිරීමෙට තීරණය කළේ කවුද යන්න‍ සොයා බැලීමට වඩා වැදගත් වන්නේ විවෘත කළේ කුමන අරමුණක් මතද යන්න බවයි ඔහු පවසන්නේ.

කොළඹදී පැවති මාධ්‍ය හමුවකට සහභාගිවෙමින් එස්.බී. දිසානායක මහතා මේ බව සඳහන් කළේය.

පොදුජන පෙරමුණේ ඇතැම් මන්ත්‍රීවරුන් මාධ්‍ය හමු පවත්වමින් පක්ෂයේම මැති ඇමතිවරුන් විවේචනය කිරීම, ඔවුන්ගේ අඩුපාඩු ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීම යහපත් තත්වයක් නොවන බවත්, එවැනි ගැටලු පක්ෂය තුළ විසඳා ගත යුතු බවත් මන්ත්‍රීවරයා පවසනවා. පක්ෂය තුළ බේරා ගැනීමට නොහැකි නම් අගමැතිවරයාට හෝ ජනාධිපතිවරයාට පැමිණිලි කර විසඳුම් ලබාගත හැකි බවද ඔහු පවසනවා.

(LNW)