රටපුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මකව පවතිද්දී සුරාසැල් විවෘත කිරීම සුදුසු නැති බව ඕනෑම තකතීරුවෙකුට වුවද තේරුම් යන බවත් බාලාංශ පන්තියක ළමයෙකුවත් මෙවැනි මෝඩ තීරණ නොගන්නා බවත් පොදුජන පෙරමුණේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහ මහත්මිය පවසනවා.
සුරාසැල් විවෘත කිරීමේ තීරණය කවරෙක් විසින් ගත් තීරණයක් වුවද එය ඔලමොට්ටල තීරණයක් බවත්, එවැනි තීරණ ගන්නේ කවුදැයි දැන ගැනීමට කැමැත්තෙන් සිටින බවත් මන්ත්‍රීවරිය සඳහන් කරනවා. මෙවැනි තීරණ හේතුවෙන් ආණ්ඩුවේ නායකයන්ට පමණක් නොව ආණ්ඩුව වෙනුවෙන් පෙනී සිටින මන්ත්‍රීවරුන්ටද ගමට යාමට නොහැකි තත්වයක් උදා වන බවිය ඇය පෙන්වා දෙන්නේ.
විද්‍යාත්මක ඇමති මණ්ඩලයක් පත් කරන බව පවසමින් සිදුකළ විකාරය වැනි කටයුතු දිගින් දිගටම සිදුවන බවත් ආණ්ඩුවට ඡන්දය දුන් ඡන්දදායකයන් ඉදිරියේ පවා ආණ්ඩුව විහිළුවක් බවට පත්ව ඇති බවත් ගීතා කුමාරසිංහ මහත්මිය පවසනවා.
(LNW)