Sunday, July 06, 2025
Follow Us
සජබ ’’බලවේගය’’ ජනගත කරයි ...

සමගි ජන බලවේගය විසින් දෙසතියකට වරක් නිකුත් කරන "බලවේගය" විද්‍යුත් පුවත්පත ( e - papaer ) එළිදැක්වීම ඊයේ (18) සිදුකෙරිණි.

සිය පක්ෂයේ දේශපාලන දැක්ම සහ ප්‍රතිපත්ති ගම්මට්ටමේ, බිම්මටමේ ජනතාව කරා ගෙනයාමේ අරමුණින් යුතුව මෙම ඊ පුවත්පත සිංහල සහ දෙමළ භාෂාවන්ගෙන් ආරම්භ කර ඇති අතර ඉදිරියේදී මෙය මුද්‍රිත පුවත්පතක් වශයෙන් ද ප්‍රකාශයට පත්කිරීමට නියමිතය.

මෙම පුවත්පත සමගි ජන බලවේගයේ ජ්‍යේෂ්ඨ උපසභාපති ඉමිටියාස් බාකීර් මාකර් මහතාගේ මූලිකත්වයෙන් ආරම්භ කර ඇත.

"බලවේගය" ඊ පුවත්පත සහ එහි වෙබ් අඩවිය වෙත පහත සබැඳියෙන් යා හැකිය.

බලවේගය

(LNW)