Sunday, July 06, 2025
Follow Us
මනුෂට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් කැඳවීමක්

සමගි ජන බලවේගයේ මාධ්‍ය ප‍්‍රකාශක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී මනුෂ නානායක්කාර මහතාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවා තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ක‍්‍රියාත්මක කරනු ලබන පරීක්ෂණයකට සහාගීවීම සදහා මෙසේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසට දැනුම්දී ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිඝනක ව්‍යෝහාරික විගණන අංශය මගින් සිදුකරනු ලබන තොරතුරු ලබාගැනීම සදහා ඩිජිටල් වෝහාරික විද්‍යාගාරයේ ස්ථානාධිපතිවරයා මෙසේ ලබන 20 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ව්‍යෝහාරික විගණන අංශයේ ස්ථානාධිපතිවරයා හමුවට පැමිණෙන ලෙසයි දැනුම්දී ඇත්තේ.

කෙසේ වෙතත් තමන් කැදවා ඇත්තේ කුමන විමර්ශනයටදැයි යන්න අනාවරණය නොකිරීම නිසා නීතීඥ උපදෙස් මත ඉදිරි පියවර ගන්නා බව මනුෂ නානායක්කාර මන්ත‍්‍රීවරයා සිය ෆේස් බුක් ගිණුමේ සටහනක් තබමින් ප‍්‍රකාශ කර තිබේ.

එම සටහන සම්පූර්ණයෙන් මෙසේය

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිඝනක වෝහාරික අංශය විසින් සිදුකරනු ලබන විමර්ශනයකට අදාලව තොරතුරු ලබාගැනීම සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසට මා වෙත දැනුම්දීමක් කර ඇත. එහෙත් කුමන පැමිණිල්ලක් සම්බන්ධයෙන්,කවරාකාරයේ විමර්ශනයක් සම්බන්ධයෙන් මා කැදවන්නේද යන්න සදහන් කර නැත.

විමර්ශාන අධිකාරියක් විසින් සිදුකරනු ලබන ඕනෑම නීත්‍යානුකූල විමර්ශනයකට අදාලව සාක්ෂි ලබාදීමටත්, එකී පරීක්ෂණ ඉදිරියට ගෙන යාමටත් මාගේ උපරිම සහාය ලබාදීමට සෑම විටම බැදී සිටින බව සිහිපත් කරමි. එහෙත් සිදුවන විමර්ශනය පිළිබද නිසි කරුණු දැක්වීමකින් තොරව කරනු ලබන කැදවීමක් සම්බන්ධයෙන් වැඩිදුර නීතිමය උපදෙස් පැතිය යුතුව ඇත.

සමගි ජන බලවේගයේ නායක සජිත් පේ‍්‍රමදාස මැතිතුමන් සමග සාකච්ජා කර තිසත් විජයගුණවර්ධන සහ ෆර්මාන් කාසිම් යන ජනාධිපති නීතීඥවරුන්ගේ නීති උපදෙස් පරිදි ඉදිරි ක‍්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරමි.

(LNW)