මාධ්‍ය හමුවක් කැඳවමින් සිය පක්ෂයේම කැබිනට් අමාත්‍යවරුන් දෙදෙනෙකු විවේචනය කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාරට එරෙහිව ඉදිරියේදී අවශ්‍ය පියවර ගන්නා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා.
රියර් අද්මිරාල් සරත් වීරසේකරගේ සහ ගාමිණි ලොකුගේ අමාත්‍යවරුන්ගේ දේශපාලන හිතවතෙකු පාදුක්ක පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා ලෙස පත් කර ඇති බවටද පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර එම මාධ්‍ය හමුව පවත්වමින් චෝදනා කර තිබුණා.
නෙත් නිවුස් ඒ සම්බන්ධයෙන් අදාල අමාත්‍යවරුන් දෙදෙනාගෙන් විමසීමක් කළ අතර ඔවුන් ප්‍රකාශ කළේ එම චෝදනා ප්‍රතික්ශේප කරන බවයි.
ඒ සම්බන්ධයෙන් අවශ්‍ය පුද්ගලයින් දැනුවත් කර මන්ත්‍රීවරයාට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නා බව අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර පැවසුවා.
නෙත් නිවුස් කළ විමසීමකදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් පැවසුවේ පක්ෂයේ විනය කමිටුව රැස් වී ඒ සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවයි.
මාධ්‍ය හමුවක් කැඳවමින් ජගත් කුමාර මන්ත්‍රීවරයා සිදු කළ ප්‍රකාශය කිසිසේත් අනුමත නොකරන බවත් මන්ත්‍රීවරයා පක්ෂයේ විනය කඩකරමින් කටයුතු කර ඇති බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් වැඩිදුරටත් සඳහන් කළා.
(Neth)